ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ යළි පෙරමුණට

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ, ඔස්ට්‍රේලියා – එංගලන්ත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද(9) ජය පරාජයෙන් තොරව නිමා වීම හේතුවෙන්.
ඒ අනුව මෙතෙක් 100%ක ලකුණු ප්‍රතිශතයක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ ඔස්ට්‍රේලියාවට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.
ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 83.33% ක් ලෙස සටහන්ව ඇති අතර, ප්‍රසාද ලකුණු 40කට ඔස්ට්‍රේලියාව හිමිකම් කියනවා.
100% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය 24ක්.
එංගලන්තයට මේ වන විට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.
නවතම ප්‍රසාද ලකුණු සටහන –
Here's how the #WTC23 table stacks up after that intriguing fourth #Ashes Test 🔢 pic.twitter.com/tTA20LdebR
— ICC (@ICC) January 9, 2022