ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය ඔස්ට්‍රේලියාව සම කරයි ; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තවත් තරගයක් අද(11) අවසන් වුණා.
අලුබදුන තරගාවලියේ පළමු තරගය එලෙස අවසන් වුණේ ඔස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක් හිමි කර දෙමින්.
එම තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ක්‍රීඩා කළ පළමු තරගයයි.
ඒ අනුව ඔවුන්ට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක් වන අතර, හිමිව ඇති ලකුණු ප්‍රතිශතය 100%ක්.
ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 24ක් හිමිව ඇත්තේ තරග දෙකක් ජය ගෙන තිබීම හේතුවෙන්.
එහි ලකුණු ප්‍රතිශතය දැක්වෙන්නේ ද 100%ක් ලෙසයි.
ඒ අනුව ප්‍රතිශතය අනුව ස්ථාන තෝරා ගනු ලබන ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
අද තරගයෙන් පරාජයට පත් වූ එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැදී සිටිනවා.
නවතම ප්‍රසාද ලකුණු සටහන –
Australia started their #WTC23 campaign with a win 💪#AUSvENG | #Ashes pic.twitter.com/fjxExBtYcP
— ICC (@ICC) December 11, 2021