ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

0 264

ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන එංගලන්ත ටෙස්ට් සංචිතය අද (11) ප්‍රකාශයට පත් කෙරුණා.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ටෙස්ට් සංචිතය සදහා බෙන් ෆෝක්ස් සහ කීටන් ජෙනින්ග්ස් යළි කැදවා තිබීම විශේෂත්වයක්.

විවේක ගැන්වීමේ අරමුණින් ආබාධයකට ලක්ව සිටි ජේම්ස් ඇන්ඩර්සන් මෙම සංචිතය සදහා නම් කර නැහැ.

කඩුලු රකින පිතිකරු ජොනී බෙයාර්ස්ටව් ද ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයෙන් විවේක ගන්වා ඇති බැවින් මෙම තරගාවලියේ දී කඩුලු රකින පිතිකරුවන් ලෙස සංචිතයට නම් කර ඇත්තේ ජොස් බට්ලර් සහ බෙන් ෆෝක්ස්.

2018 වසරේ දී එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී එංගලන්තය ටෙස්ට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගත් අතර, එම තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක්වීමට බෙන් ෆෝක්ස් සහ කීටන් ජෙනින්ග්ස් සමත් වුණා.

එංගලන්ත සංචිතයේ දග පන්දු යවන්නන් ලෙස ජැක් ලීච්, ඩොම් බෙස් සහ මැතිව් පාර්කින්සන් කටයුතු කරනවා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මාර්තු 19 වනදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

England Test squad :

  • Joe Root (C), Dominic Bess, Stuart Broad, Jos Buttler, Zak Crawley, Sam Curran, Joe Denly, Ben Foakes, Keaton Jennings, Jack Leach, Matthew Parkinson, Ollie Pope, Dominic Sibley, Ben Stokes (VC), Chris Woakes, Mark Wood

ALSO READ : අඩිල් රෂීඩ් ශ්‍රී ලංකා සංචාරයට බෑ කියයි

You might also like

Leave A Reply

Your email address will not be published.