ශ්‍රී ලංකා A ක්‍රීඩකයෙකු සාදයකට එක් වූ සිද්ධිය ගැන SLC කරුණු පහදයි
මේ දිනවල කොළඹදී පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A කණ්ඩායමේ ක්‍රීඩකයෙකු කණ්ඩායමේ නීති රීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයකට සහභාගි වූ බවට මෙරට ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් පළ කළ පුවතක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාල ක්‍රීඩකයා සම්බන්ධයෙන් පළ කෙරුණු පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.
පසුගිය 15 වැනිදා එම ක්‍රීඩකයා සිය මිතුරෙකුගේ උපන්දින සාදයකට සහභාගි වී තිබෙනවා.
ඒ සදහා ඔහු කණ්ඩායමේ කළමනාකරුගෙන් අවසර ලබා ගෙන තිබූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ.
සාදයෙන් අනතුරුව එම ක්‍රීඩකයා නියමිත කාලය තුළදී එනම් කණ්ඩායම් ඇඳිරි නීති කාලයට පෙර, හෝටලය වෙත පැමිණ සිටි බවද ක්‍රිකට් ආතනය පෙන්වා දෙනවා.
ඒ අනුව කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් නියම කර ඇති කණ්ඩායම් ඇඳිරිනීති කාලය පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව පල කර ඇති මෙම අසත්‍ය පුවත නිවැරැදි කිරීමට නිසි පියවර ගන්නා ලෙසටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ රූපවාහිනී ආයතනයෙන් ඉල්ලා සිටින්නේ.