Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි නායකත්වය නෙයිල්ට හා ක්යිල්ට – බ්‍රේවිස් සංචිත දෙකටම

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින හා සිව්දින ක්‍රිකට් තරගාවලි සදහා වන දකුණු අප්‍රිකා A සංචිත නම් කර තිබෙනවා.

නවසීලන්තයේ දී පසුගිය පෙබරවාරි මාසයේ දී ටෙස්ට් තරග සංචාරයක නිරත වූ දකුණු අප්‍රිකා දෙවන පෙල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ Neil Brand ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහි දකුණු අප්‍රිකා සිව්දින කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එක්දින කණ්ඩායමේ නායකයා ලෙස Kyle Verreynne නම් කර තිබෙනවා.

අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 18 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා A පිලේ දකුණු අප්‍රිකා සංචාරයට සිව්දින තරග දෙකක් හා එක්දින තරග 3ක් ද ඇතුළත්.

South Africa A one-day squad:

Kyle Verreynne (c), David Bedingham, Eathan Bosch, Matthew Breetzke, Dewald Brevis, Tony de Zorzi, Dayyaan Galiem, Tristan Luus, Mihlali Mpongwana, Andile Mogakane, Senuran Muthusamy , Andile Phehlukwayo, Andile Simelane, Lutho Sipamla, Codi Yusuf

South Africa A four-day squad:

Neil Brand (c), Marques Ackerman, Matthew Breetzke, Dewald Brevis, Tshepang Dithole, Jean du Plessis, Patrick Kruger, Rivaldo Moonsamy, Mihlali Mpongwana, Migael Pretorius, Sinethemba Qeshile, Lutho Sipamla, Prenelan Subrayen, Beyers Swanepoel, Codi Yusuf