Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරයේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

මෙම තරග සංචාරයට එක්දින තරග 2 ක් හා විස්සයි 20 තරග 3 ක් ඇතුළත්.

අගෝස්තු 29 වැනිදා සිට සැප්තැම්බර් 7 වැනි දක්වා මෙම තරගාවලි පැවැත්වීමට නියමිතයි.

සියලු තරග හරාරේහීදී පැවැත්වීමට නියමිත බවයි දෙරටේ ක්‍රිකට් ආයතන සදහන් කළේ.

මීට පෙර නිකුත් කර තිබූ ජාත්‍යන්තර තරග කාලසටහනට (FTP) අනුව සිම්බාබ්වේ තරග සංචාරයේදී දෙරට අතර එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, අද නිකුත් කළ කාලසටහනට ඇතුළත්ව ඇත්තේ එක්දින තරග දෙකක් පමණයි.