ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් දෙකක්

බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.
පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතය හා සැසදීමේදී මෙම සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
ඒ අනුව පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක් වූ මිලාන් රත්නායකට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා. ඔහු වෙනුවට විශ්ව ප්‍රනාන්දු සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
ඇන්ජෙලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමු දීමත් සමග පුරප්පාඩු වූ සංචිතයේ ස්ථානය වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 25 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.