Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා යොවුන් පිල පාකිස්තානය හමුවේ පරදියි

Match Report

සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග පැවැති සිව්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන යොවුන් කණ්ඩායම තරගයේ තෙවැනි දිනය වූ ඊයේ(17) දිනයේ දී සමත් වුණා.

කරච්චි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 433 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 204 ක් පමණයි.

අනතුරුව අඛන්ඩව දෙවැනි ඉනිමත් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර, දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකාව රැස් කළේ සියලු දෙනා දැවී ලකුණු 236 ක් පමණයි.

ඒ අනුව තරගය ජය ගැනීමට පාකිස්තානයට ලකුණු 8ක ඉලක්කයක් හිමි වුණා. ඔවුන් එය එක් කඩුල්ලක් දැවී පසු කර ගියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පුලිදු පෙරේරා ලකුණු 65 ක් රැස් කළ අතර, දෙවැනි ඉනිම වෙනුවෙන් නායක සිනෙත් ජයවර්ධන (52) හා පුලිදු පෙරේරා (50) අර්ධ ශතක වාර්තා කළා.

පාකිස්තාන පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Shahzaib Khan ලකුණු 161 ක් රැස් කළ අතර, Azan Awais ලකුණු 104 යි.

කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 22 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.