ශ්‍රී ලංකා පිල බංග්ලාදේශය බලා පිටව යයි – මෙතෙක් නිවේදනය කර ඇති ශ්‍රී ලංකා හා බංග්ලාදේශ සංචිත හා කාලසටහන මෙන්න

බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම අද(29) දිවයිනෙන් පිටත්ව ගියා.
සියලු තරග රටාවලින් සමන්විත මෙම තරග සංචාරය සදහා විස්සයි 20 තරග 3ක්, එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.
තරග සංචාරය සදහා එක්වන ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය පමණක් මෙතෙක් නිවේදනය කර ඇති අතර, එක්දින හා ටෙස්ට් සංචිත ඉදිරියේ දී නිවේදනය කරනු ඇති. බංග්ලාදේශ විස්සයි 20 සංචිතය හා පළමු තරග දෙක සදහා වන එක්දින සංචිතය ද මීට පෙර නිවේදනය කෙරුණා.
විස්සයි 20 තරගාවලියේ සියලු තරග සිල්හෙට් හී දී පැවැත්වීමට නියමිතයි. එක්දින තරග තුන Chattogram හී දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
විස්සයි 20 තරගාවලිය මාර්තු 4, 6 හා 9 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, මාර්තු 13, 15 හා 18 යන දිනවලදී එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
පළමු ටෙස්ට් තරගය මාර්තු 22 වැනිදා ආරම්භ වන්නේ සිල්හෙට් හී දී යි. මාර්තු 30 වැනිදා Chattogram හී දී දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වනවා. මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වනවා.
තරග කාලසටහන –
- 04 March 24 – 1st T20i (starts at 6pm local time) – SICS, Sylhet
- 06 March 24 – 2nd T20i (starts at 6pm) – SICS, Sylhet
- 09 March 24 – 3rd T20i (starts at 3pm) – SICS, Sylhet
- 13 March 24 – 1st ODI (starts at 2:30pm) – ZACS, Chattogram
- 15 March 24 – 2nd ODI (starts at 2:30pm) – ZACS, Chattogram
- 18 March 24 – 3rd ODI (starts at 10am) – ZACS, Chattogram
- 22-26 March 24 – 1st Test (starts at10am) – SICS, Sylhet
- 30 March – 03 April 24 – 2nd Test (starts at10am) – ZACS, Chattogram
SL T20I Squad
Wanindu Hasaranga (C), Charith Asalanka (VC), Kusal Mendis, Sadeera Samarawickrama, Angelo Mathews, Dasun Shanaka, Maheesh Theekshana, Dhananjaya de Silva, Kusal Janith Perera, Dilshan Madushanka, Nuwan Thushara, Matheesha Pathirana, Akila Dananjaya, Binura Fernando, Kamindu Mendis, Avishka Fernando, Jeffrey Vandersay
BAN T20I SQUAD
Najmul Hossain Shanto (Captain), Litton Kumer Das, Anamul Haque Bijoy, Md Naim Sheikh, Tawhid Hridoy, Soumya Sarkar, Shak Mahedi Hasan, Mahmud Ullah, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Mustafizur Rahman, Shoriful Islam, Tanzim Hasan Sakib, Aliss Al Islam
BAN ODI SQUAD (for 1st & 2nd ODIs)
Najmul Hossain Shanto (Captain), Anamul Haque Bijoy, Soumya Sarkar, Tanzid Hasan Tamim, Litton Kumer Das, Mushfiqur Rahim, Tawhid Hridoy, Mahmud Ullah, Mehidy Hassan Miraz, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Shoriful Islam, Tanzim Hasan Sakib, Mustafizur Rahman