ශ්‍රී ලංකා – නවසීලන්ත පුහුණු තරගය ජය පැරදුමෙන් තොරව අවසන්
Match Report
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ පැවැති දෙදින පුහුණු ක්‍රිකට් තරගය අද (5) ක්‍රයිස්ච්ර්ච් හි Lincoln නුවර Bert Sutcliffe Oval ක්‍රීඩාංගනයේ දී ජය පරාජයෙන් තොරව නිමා වුණා.
ඊයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය (NEW ZEALAND XI) එක් කඩුල්ලක් දැවී ලකුණු 141 ක් ලබා සිටි අතර, අද දිනයේ දී වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවාරයක් යොමු කිරීමට හැකි වූයේ නැහැ.
JCT Boyle නොදැවී ලකුණු 73 ක් ද, JJNP Bhula නොදැවී ලකුණු 37 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටියා. JM Cumming ලකුණු 27 කට දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 276 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.
පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 21 ක් ලබා සිටියදී දැවී ගියා. ඔහු සමග ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු පිටියෙන් ඉවත් වීමට තීරණය කළේ ලකුණු 78 ක් ලබා සිටියදී යි. හයේ පහරක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
අංක 3 පිතිකරු වූ කුසල් මෙන්ඩිස් පන්දු 87 කින් වේගවත් ලකුණු 95 ක් ලබා ගත්තා. හයේ පහර 2 ක් හා හතරේ පහර 16 ක් මෙන්ඩිස්ගේ ඉනිමට ඇතුළත් වුණා. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 38 (70) ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 35 (45) ක් ද රැස් කළා.
පන්දු යැවීමේ දී JW Hartshorn, SB Davey, RM ter Braak හා TF van Woerkom එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු 9 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිතයි. දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 17 වැනිදා ආරම්භ වන්නේ වෙලින්ටන් හී දී යි.