Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ ; වෙල්ලාලගේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද(25) නිවේදනය කෙරුණා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

සංචිතය සදහා අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ද නම් කර තිබෙනවා.

ලක්ෂිත රසංජන හා නිමා වූ එක්දින තරගාවලියේ දී සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ දුනිත් වෙල්ලාලගේ එලෙස අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

බංග්ලාදේශ සංචාරයට එක් වූ කමිල් මිෂාර හා සුමින්ද ලක්ෂාන් මෙම සංචිතයට නම් කර නැහැ.

ජෙෆ්රි වැන්ඩර්සේ යළි ටෙස්ට් සංචිතයට කැදවා ඇති අතර, නිමා වූ බංග්ලාදේශ සංචාරය ආබාධයක් හේතුවෙන් අහිමි වූ පැතුම් නිස්සංක ද ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් සංචිතයට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අයත් වනවා.

තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, පළමු තරගය එළඹෙන 29 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Test Squad :

Dimuth Karunaratne (C), Pathum Nissanka, Oshada Fernando, Angelo Mathews, Kusal Mendis, Dhananjaya de Silva, Kamindu Mendis, Niroshan Dickwella (WK), Dinesh Chandimal (WK), Ramesh Mendis, Chamika Karunaratne, Kasun Rajitha, Vishwa Fernando, Asitha Fernando, Dilshan Madushanka, Praveen Jayawickrama, Lasith Embuldeniya, Jeffrey Vandersay

Standby Players :
Dunith Wellalage, Lakshitha Rasanjana