ශ්‍රී ලංකා කාන්තා පිල 22 වැනිදා නවසීලන්තයට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් එළඹෙන 22 වැනිදා දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා පිල හා නවසීලන්ත කාන්තා පිල අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
ඊට පෙර එළඹෙන 27 හා 28 යන දිනවලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම Lincoln හීදී පුහුණු තරග දෙකක් සදහා ද එක්වනවා.
එක්දින තරගාවලිය මාර්තු 4 (Napier), 7 (Nelson) හා 9 (Nelson) යන දිනවලදී ද, විස්සයි 20 තරගාවලිය මාර්තු 14(Christchurch), 16 (Christchurch) හා 18 (Dunedin) යන දිනවලදී ද පැවැත්වීමට නියමිතයි.