Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කාන්තා පිල නවසීලන්තයේදී පළමු T20I ජය ලබයි

නවසීලන්තයේදී පළමු වරට විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් ජය ගැනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු හතක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

ක්‍රයිස්චර්ච්හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 101 ක් පමණක් ලබා ගත්තේ පන්දුවාර 18.5 ක් තුළදීයි.

Emma McLeod ලකුණු 44 කට දැවී ගිය අතර, පන්දු යැවීමේදී මෙම තරගයේදී ජාත්‍යන්තර වරම් දිනූ මල්කි මදාරා ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඉනෝෂි ප්‍රියදර්ශනී හා කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 14.1 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

නායිකා චමරි අතපත්තු පන්දු 48 කින් නොදැවී ලකුණු 64 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 9 ක් සමගින්.