Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ කාලසටහන

ADVERTISEMENT

මෙම මාසය අගදී සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ සම්පූර්ණ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(9) නිවේදනය කළා.

මෙම සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3 ක් හා එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.

අගෝස්තු 31 වැනිදා 20යි 20 තරගාවලිය Hove හී දී ආරම්භ වීමට නියමිත අතර, ඊට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අගෝස්තු 28 වැනිදා Arundel හී දී පුහුණු 20යි 20 තරගයකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතට අයත් (ICC Women’s Championship) එක්දින තරගාවලිය ආරම්භ වන්නේ සැප්තැම්බර් 9 වැනිදායි.

20යි 20 හා එක්දින තරගාවලිය පළමුව පැවැත්වීමට නියමිතව තිබුණේ සැප්තැම්බර් දෙවැනිදා සිට 19 වැනිදා දක්වායි.

කෙසේ වෙතත්, චීනයේ පැවැත්වීමට නියමිත 2023 ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් අග ආරම්භ වීමට නියමිතව ඇති බැවින් මෙම තරග කාලසටහන සංශෝදනය කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එංගලන්තයෙන් ඉල්ලීමක් සිදු කර තිබුණා.

ඒ අනුව 20යි 20 හා එක්දින තරගාවලිය අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව මීට පෙර එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Schedule

  • T20 Warm up game : 28th August 2023, Arundel

IT20s

  • 1st IT20: 31 August 2023, The 1st Central County Ground, Hove
  • 2nd IT20: 2 September, The Cloud County Ground, Chelmsford
  • 3rd IT20: 6 September, The Incora County Ground, Derby

ODI Series:

  • 1st ODI: 9 September, Seat Unique Riverside, Chester-le-Street (Durham)
  • 2nd ODI: 12 September, The County Ground, Northampton
  • 3rd ODI: 14 September, Uptonsteel County Ground, Leicester
Leave a comment