Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නව සහාය පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස තරිදු පෙරේරා මහතා පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර Warwickshire ප්‍රාන්ත ක්‍රිකට් සමාජය, ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් හා West End RedBacks ආදී කණ්ඩායම් රැසක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබුණා.

Warwickshire කණ්ඩායමේ ඉහළ කාර්යය සාධන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ තරිදු පෙරේරා මහතා එංගලන්ත ප්‍රාන්ත සිව්දින තරගාවලිය, ප්‍රාන්ත එක්දින තරගාවලිය හා 20යි 20 තරගාවලියේ දී කණ්ඩායමේ පුහුණුකරුවන් සමග කටයුතු කළ අතර, Warwickshire ඇකඩමියේ ද කටයුතු කළා.

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් හා West End RedBacks යන කණ්ඩායම්වල පිතිකරණ හා දග පන්දු යැවීම පිළිබද සහාය පුහුණුකරුවෙකු ලෙසයි ඔහු කටයුතු කළේ.

එමෙන්ම 2022 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ දී පැවැති පුහුණු තරගයේ දී එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස ද තරිදු පෙරේරා මහතා කටයුතු කර තිබුණා.

2019 වසරේ  Yorkshire ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූයේ ද ඔහුයි.

SSC හා Tamil Union කණ්ඩායම් නියෝජනය කරමින් දේශිය තරග ක්‍රීඩා කර ඇති තරිදු පෙරේරා එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ දී Northamptonshire 2nd XI කණ්ඩායම ද නියෝජනය කළා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස ඔහුගේ වසර දෙකක ධූර කාලය ජූලි පළමු වැනිදා සිට ආරම්භ වීමට තිබෙනවා.