ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට සුබ ආරංචියක්
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මේ වන විටත් මිලදී ගෙන ඇති ප්‍රවේශ පත්‍ර සදහා ප්‍රවේශ පත්‍ර මුදල් යළි ප්‍රේක්ෂකයින් වෙත ලබා දීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජූලි 16 වැනිදා ගාල්ලේ දී ද, දෙවැනි ටෙස්ට් තරගය ජූලි 24 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
Also Read : පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කෙරේ ; අසිතට පළමු තරගය අහිමි වෙයි
තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය 2023-25 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගාවලියයි.