ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනෙකු ක්‍රීඩා කරන ILT20 තරගාවලිය ආරම්භ වන දිනයේ වෙනසක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ILT20 හෙවත් ජාත්‍යන්තර ලීග් 20යි 20 තරගාවලියේ දෙවැනි අදියර ලබන වසරේ ජනවාරි 19 වැනිදා සිට පෙබරවාරි 18 වැනිදා දක්වා පැවැත්වීමට මේ වන විට තීරණය කර තිබෙනවා.
මීට පෙර තරගාවලියේ දෙවැනි අදියර 2024 වසරේ ජනවාරි 13 වැනිදා ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබුණේ.
තරගාවලිය සදහා මෙවර ද Abu Dhabi Knight Riders, Dubai Capitals, MI Emirates, Sharjah Warriors, Desert Vipers හා Gulf Giants යන කණ්ඩායම් 6 ක්‍රීඩා කිරීමට නියමිතයි.
තරග 34 ක් ඇතුළත් තරගාවලියේ සියලු තරග ඩුබායි, අබුඩාබි හා සාජා හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනවාරි 25 වැනිදා ආරම්භ වන ඉන්දු – එංගලන්ත තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලිය සමග ILT20 තරගාවලියේ කාලසටහන ඝට්ටනයකට ද ලක් වනවා.
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20, පාකිස්තාන සුපර් ලීග් හා බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් යන තරගාවලියන්හි කාලසටහන් ද මෙම තරගාවලියේ කාලසටහන සමග ඝට්ටනයකට ලක් වනු ඇති.
ඩේවිඩ් වෝනර්, මාර්ක් වුඩ්, ශඩාබ් ඛාන් හා අම්බති රයිදු වැනි ප්‍රබල ක්‍රීඩකයින් ද දෙවැනි අදියර වෙනුවෙන් ගිවිසුම් ගත වීමට පසුගියදා පියවර ගත්තා.
Also Read : ILT20 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනෙක්
මේ වන විට නිවේදනය කර ඇති සමස්ත ක්‍රීඩක ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනෙකු ද මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.