Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව පුහුණුකරුවන් 14 දෙනෙකු පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව පුහුණුකරුවන් 14 දෙනෙකුගේ පත් වීම් අද(28) නිවේදනය කළා.

ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා “ඒ”, නැගී එන කණ්ඩායම හා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් සදහා මෙම නව පත් කිරීම් සිදු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ දකුණු අප්‍රිකා ජාතික Anton Roux.

ඔහු මීට පෙර නෙදර්ලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබුණා.

පසුගිය මාර්තු 7 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඔහු අදාළ ධූරයට පත් කර ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

40 හැවිරිදි ඔහු දකුණු අප්‍රිකාවේ පළමු පෙල තරග සදහා ක්‍රීඩා කර තිබූ අතර, මෙරට සියලු ජාතික කණ්ඩායම්වල මෙන්ම ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පන්දු රැකීමේ අංශය සම්බන්ධයෙන් ප්‍රධානීත්වය දරනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට පෙර බ්‍රිතාන්‍යයේ Nottinghamshire ප්‍රාන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු (පන්දු රැකීම) ලෙස Anton Roux කටයුතු කළා.

මීට අමතරව ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන මහතා ද, සහාය පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි මහතා ද පත් කර තිබෙනවා.

නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ රුවන් කල්පගේ මහතායි. රුවින් පීරිස් මහතා සහාය පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජෙහාන් මුබාරක් මහතා පත් කර තිබෙනවා. සහාය පුහුණුකරු හා පිතිකරණ පුහුණකරු ලෙස පත් කර ඇත්තේ සම්පත් පෙරේරා මහතායි.

Anton Roux ගේ පත් වීම හැර සෙසු සියලු තනතුරු මාර්තු පළමු වැනිදා සිට බලාත්මක වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පත් කර ඇති නව පුහුණුකරුවන් ලැයිස්තුව –

National Fielding Coach : Anton Roux

‘A’ Team

  • Avishka Gunawardene– Head Coach
  • Thilina Kandamby – Assistant Coach
  • Malinda Warnapura – Batting Coach
  • Sajeewa Weerakoon – Bowling Coach
  • Upul Chandana – Fielding Coach

Emerging Team

  • Ruwan Kalpage – Head Coach
  • Ruvin Peiris – Assistant Coach
  • Dharshana Gamage – Bowling Coach
  • Dhammika Sudarshana – Batting Coach

Under 19

  • Jehan Mubarak – Head Coach
  • Sampath Perera – Assistant / Batting Coach
  • Chamila Gamage – Bowling Coach
  • Gayan Wijekoon – Fielding Coach