Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ සංචිතය නම් කෙරේ

බංගලාදේශ කාන්තා කණ්ඩායම සමඟ හෙට (27) පැවැත්වීමට නියමිත පුහුණු එක්දින ක්‍රිකට් තරගය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ සංචිතය නම් කර තිබෙනවා.

සත්‍යා සන්දීපනීගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගය කොළඹ සී සී සී ක්‍රීඩාංගනයේ දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලියේ සියලු තරග කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරගාවලිය ලබන 29 වැනිදා ආරම්භ වන අතර, 20යි 20 තරගාවලිය මැයි 9 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

The Squad
1) Sathya Sandeepani – Captain
2) Umesha Thimashini
3) Kaushini Nuthyangana – Vice Captain
4) Piumi Wathsala
5) Dewmi Vihanga
6) Sachini Nisansala
7) Madushika Meththananda
8) Nethmi Senarathna
9) Tharuka Shehani
10) Nimesha Madushani
11) Malki Madara
12) Amadhi Wijesinghe
13) Saduni Nisansala
14) Nilakshana Sandamini
15) Nawodya Nethmi