Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ සංශෝදිත තරග කාලසටහන නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරයේ සංශෝදිත තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් අද(15) පස්වරුවේ නිවේදනය කළා.

ඒ අනුව මීට පෙර ද අප වාර්තා කළ පරිදි තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය වෙනුවට තරග 3කින් යුත් 20යි 20 තරගාවලියෙන් මෙම තරග සංචාරය ආරම්භ වනවා.

පළමු 20යි 20 තරගය පෙබරවාරි 24 වනදා ලක්නව් හී දී ද, දෙවැනි හා තෙවැනි 20යි 20 තරග දෙක එළඹෙන 26 වනදා හා 27 වනදා ධරම්සාලා හී දී ද පැවැත්වීමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 4 වැනිදා මොහාලි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

එම තරගය ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලි ක්‍රීඩා කිරීමට නියමිත තම 100 වැනි ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 12 වැනිදා බැංගලූරු ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිත බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය පෙබරවාරි 25 වනදා තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියෙන් ආරම්භ වන බව ප්‍රකාශ කරමින් නිල තරග කාලසටහන මීට පෙර නිවේදනය කර තිබුණ ද, එය මෙලෙස සංශෝදනයකට ලක් කෙරුණේ අදාළ තරග සංචාරය 20යි 20 තරගාවලියෙන් ආරම්භ කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමකට අනුවයි.

එමෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය ද ක්‍රීඩාංගන තෝරා ගැනීමේ දී තීරණාත්මක සාධකයක් වූ බවටයි වාර්තා වුණේ.

තරග කාලසටහන –

24th February : 1st T20I – Lucknow

26th February : 2nd T20I – Dharamsala

27th February : 3rd T20I – Dharamsala

4th-8th March : 1st Test – Mohali

12th -16th March : 2nd Test (D/N) – Bengaluru

Leave a comment