Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරයේ තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද(8) නිවේදනය කළා.

මෙම තරග සංචාරයට 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

2022-23 තරග වාරයේ දී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට අමතරව නවසීලන්තයට හා ඔස්ට්‍රේලියාවට එරෙහිව ද තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන්දු – ශ්‍රී ලංකා 20යි 20 තරගාවලිය ජනවාරි 3 වැනිදා මුම්බායි හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දෙවැනි 20යි 20 තරගය ජනවාරි 5 වැනිදා පූනේ හී දී ද, තෙවැනි 20යි 20 තරගය ජනවාරි 7 වැනිදා රාජ්කොට් හී දී ද පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි 10 වැනිදා ගුවහාටි හී දී යි.

ජනවාරි 12 වැනිදා හා 15 වැනිදා දෙවැනි හා තෙවැනි එක්දින තරග කොල්කටා හා තිරුවනන්තපුරම් හී දී පැවැත්වීමට නියමිතයි.

නවසීලන්ත කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට ද එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ඇතුළත්.

අනතුරුව පැවැත්වෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට ටෙස්ට් තරග 4ක් හා එක්දින තරග 3 ක් ඇතුළත්.

SCHEDULE :

Sri Lanka tour of India

  • 1st T20I: Jan 3, Mumbai
  • 2nd T20I: Jan 5, Pune
  • 3rd T20I: Jan 7, Rajkot
  • 1st ODI: Jan 10, Guwahati
  • 2nd ODI: Jan 12, Kolkata
  • 3rd ODI: Jan 15, Trivandrum

New Zealand tour of India

  • 1st ODI: Jan 18, Hyderabad
  • 2nd ODI: Jan 21, Raipur
  • 3rd ODI: Jan 24, Indore
  • 1st T20I: Jan 27, Ranchi
  • 2nd T20I: Jan 29, Lucknow
  • 3rd T20I: Feb 1, Ahmedabad

Australia’s tour of India

Border-Gavaskar Trophy 2022-23

  • 1st Test: Feb 9-13, Nagpur
  • 2nd Test: Feb 17-21, Delhi
  • 3rd Test: March 1-5, Dharamsala
  • 4th Test: March 9-13, Ahmedabad

ODI Series

  • 1st ODI: March 17, Mumbai
  • 2nd ODI: March 19, Vizag
  • 3rd ODI: March 22, Chennai