ශ්‍රී ලංකා කණ්ඩායමට නව දග පන්දු යැවීමේ පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු පළමු පෙල ක්‍රීඩකයෙකු වන ක්‍රෙයිග් හෝවාර්ඩ් පත් කර තිබෙනවා.
පෙබරවාරි පළමු වැනිදා සිට වසර දෙකක කාලයක් සදහා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නව දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ සිට සිය කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
මෙම පත් කිරීමට පෙර ක්‍රෙයිග් හෝවාඩ් නවසීලන්ත කාන්තා කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත්, වික්ටෝරියා පිරිමි පළමු පෙල කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් කටයුතු කළා.
එමෙන්ම ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙසත් ඔහු කටයුතු කර තිබෙනවා.
හෝවාර්ඩ් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ තෙවැනි මට්ටමේ සුදුසුකම්ලත් පුහුණුකරුවෙකු වන අතර, ඔහු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස ද වසර 12 ක පමණ කාලයක් කටයුතු කළා.
මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ පියල් විජේතුංග මහතායි.