ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන සංශෝදනය කෙරේ

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහනට සංශෝදන රැසක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මෙම සංචාරය සදහා එක් එක්දින තරගයක් වෙනුවට තරග දෙකකින් යුත් එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිත බවයි.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා සිදු කර එලෙස අමතර එක්දින තරගයක් මෙම සංචාරය සදහා ඇතුළත් බව ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.
මීට පෙර එක්දින තරගය හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, අද නිකුත් කළ කාලසටහනට අනුව එක්දින තරග දෙක පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. තරග දෙකම දිවා තරග ලෙස පැවැත්වීමට නියමිතයි.
එක්දින තරගය මීට පෙර දිවා රාත්‍රී තරගයක් ලෙස පෙබරවාරි 13 වැනිදාට යෙදී තිබුණා. නමුත් සංශෝදින කාලසටහනට අනුව පළමු එක්දින තරගය පෙබරවාරි 12 වැනිදා ද, දෙවැනි තරගය 14 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.
තරග සංචාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබන 24 වැනිදා දිවයිනට පැමිණෙනවා. මීට පෙර ඔවුන් ජනවාරි 20 වැනිදායි දිවයිනට පැමිණීමට නියමිතව තිබුණේ.
ටෙස්ට් තරගාවලිය නියමිත පරිදි ජනවාරි 29 වැනිදා ගාල්ලේදී ආරම්භ වනවා.
සංශෝදින තරග කාලසටහන –