ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග නැරඹිය හැකි අයුරු හා ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව මෙන්න

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20, එක්දින හා ටෙස්ට් තරගාවලි විකාශය කරන ආකාරය හා තරගාවලියට එක්වන ජාත්‍යන්තර විස්තර විචාරකයින් පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(6) නිවේදනය කළා.
ඒ අනුව තරග සංචාරයේ සියලු තරගවල දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාවටයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද තරගාවලිය නැරඹිය හැකියි.
Sony Six හා Sony Ten 2 යන නාලිකා ඔස්සේ ද තරගාවලිය නැරඹිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.
තරගාවලියේ ගුවන් විදුලි සජීවී විස්තර විචාරය සදහා සවන් දීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේයි.
Broadcast Platforms :
- India: Sony Six/ Sony Ten 2 & Sony LIV
- Rest of sub-continent minus India: Ten Cricket + Sony Liv
- Australia: Fox Sports (TV & digital) and ICC-Tv (digital) & Sony LIV (digital)
- US: Willow TV (TV & digital)
- Africa & Sub-Saharan Africa: Super Sport (TV & digital)
- Middle East: Sony LIV (List of countries to be confirmed)
- UK: HUM Masala
- Sri Lanka (Pay): Dialog & IPTV – SLT
- Sri Lanka Terrestrial Partner: Rupavahini (Channel Eye)
- Sri Lanka Terrestrial Mobile Streaming Partner: To be confirmed
- Sri Lanka Cricket YouTube
- SLBC
- Other territories – Sony LIV
මේ අතර, තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරකයින්ගේ ලැයිස්තුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ප්‍රකාශ කළා.
රොෂාන් අබේසිංහ, රසල් ආර්නල්ඩ් හා ෆර්විස් මහරුෆ් යන මහත්වරුන් ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර විස්තර විචාරකයින් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා එක් වනු ඇති.
ඔස්ට්‍රේලියාවේ බ්‍රැඩ් හැඩින් ද ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුවට ඇතුළත්.
TV Commentators :
- Roshan Abeysinghe
- Russel Arnold
- Farveez Maharoof
- Aamir Sohail
- H.D. Ackerman
- Brad Haddin
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
20යි 20 තරග රාත්‍රී 7ට ආරම්භ වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තහවුරු කළා.