Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායමෙන් නේපාලයට 233ක ඉලක්කයක්

සංචාරක නේපාල කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායම (SL Combine XI ) අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායමට පන්දුවාර 48.2 ක් තුල සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකියාව ලැබුනේ ලකුනු 232 ක් පමණයි.

ඩිල්ශාන් මුණවීර ලකුනු 14(26) කට දැවී ගියා. උපුල් තරංග හට රැස්කරගැනීමට හැකියාව ලැබුනේ ලකුනු 3(11) ක් පමණයි.

නායක තිසර පෙරේරා ලකුනු 8(13) කටත්, චාමර සිල්වා 6(10) කටත් දවාගැනීමට නේපාල පන්දුයවන්නන් සමත් වුනා.

සඳුන් වීරක්කොඩි ලකුනු 49(48) ක් ලබා සිටියදී දැවී ගියා.

සීකුගේ ප්‍රසන්න ලකුනු 12(25) කටත් රමේෂ් නිමන්ත ලකුනු 18(37) කටත් දැවී ගිය අතර දිල්රුවන් පෙරේරා හට ලබාගැනීමට හැකියාව ලැබුනේ ලකුනු 14(27) ක් පමණයි.

ඉනිම යම් තරගකාරී අවසානයක් කරා ගෙන යම්න් අනුක් ප්‍රනාන්දු ලකුනු 56(69) ක් රැස්කලා.

පන්දු යැවීමේදී නේපාල කණ්ඩායම වෙනුවෙන් D.S. Airee සහ S. Dhakal කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වුනා.

S. Kamil කඩුලු 2 යි. නායක සංදීප් ලමිචානේ සහ එස්. සෙයික් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ජයග්‍රහණය සදහා ලකුනු 233 ක ඉලක්කයක් නේපාල කණ්ඩායම හිමිව තිබෙනවා.

එළඹෙන අයි.සී.සී ලෝක කුසලාන දෙවැනි පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ අරමුණිනුයි නේපාල කණ්ඩායම මෙම තරග සංචාරයේ නිරත වන්නේ.