Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා එක්දින හා 20යි 20 මූලික සංචිත නිවේදනය කෙරේ ; නව නායකයින් මෙන්න

සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා එක්දින හා 20යි 20 මූලික සංචිත නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් ද, උප නායකයා ලෙස චරිත් අසලංක ද නම් කිරීමටයි නව තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

20යි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කර ඇත්තේ වනිදු හසරංග. උප නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කිරීමට නියමිතයි.

හිටපු නායන දසුන් ශානක එක්දින හා 20යි 20 සංචිත දෙක සදහාම නම් කර තිබෙනවා.

අවිශ්ක ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, සහන් ආරච්චිගේ හා චාමික ගුණසේකර වැනි ක්‍රීඩකයින් මූලික එක්දින සංචිතයට කැදවීමටයි උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වූ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, මතීෂ පතිරණ, ඇන්ජෙලෝ මැතිව්ස් හා ලහිරු කුමාර මූලික එක්දින සංචිතයට නම් කර නැහැ.

කෙසේ වෙතත්, කුසල් පෙරේරා, මතීෂ පතිරණ, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු මෙන්ම භානුක රාජපක්ෂ 20යි 20 මූලික සංචිතය සදහා නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා ද, 20යි 20 තරගාවලිය ජනවාරි 14 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි. දෙවැනි එක්දින තරගය හා තෙවැනි එක්දින තරගය පිළිවෙලින් පැවැත්වෙන්නේ ජනවාරි 8 වැනිදා හා 11 වැනිදායි. දෙවැනි හා තෙවැනි 20යි 20 තරග ජනවාරි 16 හා 18 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ. තරග සංචාරය ආරම්භ කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි 3 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

එක්දින සංචිතය –

1. Kusal Mendis – Captain
2. Charith Asalanka – Vice Captain
3. Pathum Nissanka
4. Avishka Fernando
5. Sadeera Samarawickrama
6. Sahan Arachchige
7. Nuwanidu Fernando
8. Dasun Shanaka
9. Kamindu Mendis
10. Chamika Karunaratne
11. Janith Liyanage
12. Wanindu Hasaranga
13. Maheesh Theekshana
14. Dilshan Madushanka
15. Dushmantha Chameera
16. Dunith Wellalage
17. Pramod Madushan
18. Asitha Fernando
19. Akila Dananjaya
20. Jeffrey Vandersay
21. Chamika Gunasekera

20යි 20 සංචිතය 

1. Wanindu Hasaranga – Captain
2. Charith Asalanka – Vice Captain
3. Pathum Nissanaka
4. Kusal Mendis
5. Sadeera Samarawickrama
6. Dasun Shanaka
7. Angelo Mathews
8. Dhananjaya de Silva
9. Maheesh Theekshana
10. Kusal Janith Perera
11. Bhanuka Rajapaksa
12. Kamindu Mendis
13. Dunith Wellalage
14. Akila Dananjaya
15. Jeffrey Vandersay
16. Chamika Karunaratne
17. Dushmantha Chameera
18. Dilshan Madushanka
19. Binura Fernando
20. Nuwan Thushara
21. Pramod Madushan
22. Matheesha Pathirana