ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
ජූලි 2, 5 හා 8 යන දිනවලදී එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
පළමු තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර, අවසන් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදි පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.