Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග කාලසටහන නිවේදනය කෙරේ

එංගලන්ත පිරිමි හා කාන්තා කණ්ඩායම්වල 2024 ගිම්හාන තරග වාරයේ තරග කාලසටහන එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව 2024 මැයි මස 21 වැනිදා සිට එංගලන්ත පිරිමි කණ්ඩායම පාකිස්තානයට එරෙහිව 20යි 20 තරග 4කින් යුත් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

අනතුරුව එංගලන්ත කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොදෙව් දූපත් වෙත පිටත්ව යනවා.

20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුවයි එංගලන්ත කණ්ඩායමේ ගිම්හාන සෘතුවට අදාළ ටෙස්ට් තරගාවලි ආරම්භ වන්නේ.

එහිදී එංගලන්ත කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරගාවලි දෙකටම ටෙස්ට් තරග 3 බැගින් ඇතුළත් බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය අද (4) නිවේදනය කළේ.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර් හී දී ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 29 වැනිදා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ද, තෙවැනි ටෙස්ට් තරගය සැප්තැම්බර් 6 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබන වසරේ සැප්තැම්බර් මාසයේ දී එංගලන්තයට පැමිණීමට නියමිතව ඇත්තේ 20යි 20 තරග 3ක් හා එක්දින තරග 5ක් ක්‍රීඩා කිරීම සදහායි.

පිරිමි කණ්ඩායමේ තරග කාලසටහන –

  • T20I Series vs Pakistan Men

May 22: 1st T20I – Headingley, Leeds

May 25: 2nd T20I – Edgbaston, Birmingham

May 28: 3rd T20I – Sophia Gardens, Cardiff

May 30: 4th T20I – The Kia Oval

  • Test Series vs West Indies Men

July 10-14: 1st Test – Lord’s, London

July 18-22: 2nd Test – Trent Bridge, Nottingham

July 26-30: 3rd Test – Edgbaston, Birmingham

  • Test Series vs Sri Lanka Men

Aug 21-25: 1st Test – Emirates Old Trafford, Manchester

Aug 29 – Sept 2: 2nd Test – Lord’s, London

Sept 6-10: 3rd Test – The Kia Oval

  • T20I Series vs Australia Men

Sept 11: 1st T20I – The Ageas Bowl, Southampton

Sept 13: 2nd T20I – Sophia Gardens, Cardiff

Sept 15: 3rd T20I – Emirates Old Trafford, Manchester

  • ODI Series vs Australia Men

Sept 19: 1st ODI – Trent Bridge, Nottingham

Sept 21: 2nd ODI – Headingley, Leeds

Sept 24: 3rd ODI – Seat Unique Riverside, Chester-le-Street

Sept 27: 4th ODI – Lord’s, London

Sept 29: 5th ODI – Seat Unique Stadium, Bristol

කාන්තා කණ්ඩායමේ තරග කාලසටහන –

  • T20I Series vs Pakistan Women

May 11: 1st T20I – Edgbaston, Birmingham

May 17: 2nd T20I – The County Ground, Northampton

May 19: 3rd T20I – Headingley, Leeds

  • ODI Series vs Pakistan Women

May 23: 1st ODI – The Incora County Ground, Derby

May 26: 2nd ODI – The Cooper Associates County Ground, Taunton

May 29: 3rd ODI – The Cloud County Ground, Chelmsford

  • ODI Series vs New Zealand Women

June 26: 1st ODI – Seat Unique Riverside, Chester-le-Street

June 29: 2nd ODI – New Road, Worcester

July 3: 3rd ODI – Seat Unique Stadium, Bristol

  • T20I Series vs New Zealand Women

July 6: 1st T20I – The Ageas Bowl, Southampton

July 9: 2nd T20I – The 1stCentral County Ground, Hove

July 11: 3rd T20I – The Spitfire Ground, St Lawrence

July 13: 4th T20I – The Kia Oval, London

July 17: 5th T20I, Lord’s, London