ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන එක්දින තරගාවලියට වෙනසක්

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගනයේ වෙනසක් සිදු කර තිබෙනවා.
මීට පෙර තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(23) පස්වරුවේ නිවේදනය කළේ තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට තීරණය කළ බවයි.
කෙසේ වෙතත්, තරගාවලිය පැවැත්වෙන දිනවල වෙනසක් සිදු කර නැහැ. ඒ අනුව නියමිත පරිදි පෙබරවාරි 09, 11 හා 14 යන දිනවලදී එක්දින තරග 3 පැවැත්වීමට නියමිතයි.
ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට ටෙස්ට් තරගයක් හා 20යි 20 තරග තුනක් ද ඇතුළත්.
ටෙස්ට් තරගය පෙබරවාරි දෙවැනිදා සිට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අනතුරුව එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, 20යි 20 තරගාවලිය පෙබරවාරි 17, 19 හා 21 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම එළඹෙන 30 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
