ශ්‍රී ලංකා-ඇෆ්ඝනිස්තාන තරගාවලිය නරඹන්නේ මෙහෙමයි
ඇෆ්ඝනිස්තානය සමග හෙට(2) ආරම්භවීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ විකාශන කටයුතු සිදු වන ආකාරය හා ජාත්‍යන්තර විස්තර විචාරක මඩුල්ල පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(1) තොරතුරු අනාවරණය කළා.
ඒ අනුව තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතියි හිමි Supreme TV නාලිකාව ඔස්සේ තරගාවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වනවා.
එමෙන්ම Ten Cricket නාලිකාව ඔස්සේ ද තරගාවලිය සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිල යූටියුබ් නාලිකාව හරහා ද තරගාවලිය සජීවීව නැරඹිය හැකි බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව සෑම තරගයක්ම ආරම්භ වන්නේ පෙරවරු 10ටයි.
ජූනි දෙවැනිදා එනම් හෙට දිනයේ දී පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලිය විකාශය කෙරෙන ආකාරය හා ජාත්‍යන්තර විස්තර විචාරක මඩුල්ල –
-
- Sri Lanka: Supreme TV
- Sri Lanka: SLBC (Radio)
- Sri Lanka (Pay): Dialog & IPTV – SLT
- Sri Lanka: SLC YouTube
- Afghanistan: RTA Sports & Sony LIV
- India & Pakistan: Sony LIV
- Rest of sub-continent minus India & Pakistan: Ten Cricket + Sony Liv
- Middle East: Max Middle East + Sony LIV
- UK: Max United Kingdom + Sony LIV
- Sony LIV: Regions: South East Asia | ANZS| Europe | North America
- Panel of International Commentators
Roshan Abeysinghe
Sikandar Bakht
HD Ackerman
Farveez Maharoof
Devender Kumar