Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන ටෙස්ට් තරගය ගැන ප්‍රේක්ෂකයින්ට දැනුම් දීමක්

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දොරටු අංක 4 හා 9 ඔස්සේ ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනයට ඇතුළු වීම සදහා අවස්ථාව ලබා දී ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(30) රාත්‍රී කාලයේ දී දිවයිනට පැමිණීමට නියමිතයි.

ඇෆ්ඝනිස්තාන පිලේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් තරගයක්, එක්දින තරග තුනක් හා 20යි 20 තරග තුනක් ඇතුළත්.

ටෙස්ට් තරගය පෙබරවාරි දෙවැනිදා සිට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Afghanistan squad:

Hashmatullah Shahidi (c), Ibrahim Zadran, Abdul Malik, Noor Ali Zadran, Rahmat Shah (vice-capt), Bahir Shah, Nasir Jamal, Ikram Alikhil (wk), Mohammad Ishaq (wk), Qais Ahmad, Zia-ur-Rehman, Zahir Khan, Yamin Ahmadzai, Nijat Masood, Mohammad Saleem and Naveed Zadran