ශ්‍රී ලංකාව 466ක් පිටුපසින්
පංජාබ් හී මොහාලී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දු – ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (05) නිමාවට පත්වුනේ තරගයේ පාලනය ඉන්දියාවට හිමිකර දෙමින්.
දිනය නිමා වන විට ප්‍රථම ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් බිඳ වැටී ලකුනු 108 ක් ලබා සිටියා.
පැතුම් නිස්සංක සහ චරිත් අසලංක පිළිවලින් ලකුනු 26(75) ක් සහ ලකුනු 1(12) ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.
ඉන්දියාව පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 574 ක් ලබා සිටියදීයි.
මෙම තරගය අතරතුර ජස්ප්‍රිට් බුම්රා විසින් පැතුම් නිස්සංකට යොමු කල නිපන්දුවක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුනා.
ශ්‍රී ලංකා ඉනිමේ 32 වන පන්දුවාරයේ දී බුම්රා යොමු කල පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී පැතුම් නිස්සංක දැවී ගියා.
කෙසේ වෙතත් එම අවස්ථාවේදීම ජස්ප්‍රිට් බුම්රා යොමුකල පන්දුව නිපන්දුවක් ලෙස නම් කෙරුනු බැවින් පැතුම්ට පිතිකරණයෙ යලි නිරත වීමට අවස්ථාව උදා වුණා.
මේ වන විට ශ්‍රී ලංකාව පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 466 ක්.
— cric fun (@cric12222) March 5, 2022