Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව හා ලෝක ශූරයින් 20යි 20ට සූදානම් ; වර්ෂාවෙනුත් බාධා එල්ල වන ලකුණු

Match Preview

පන්දුවාර 20යි 20 ඉතිහාසයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දීර්ඝතම ද්විපාර්ශ්වික තරගාවලිය ඔස්ට්‍රේලියාව සමගින් සිකුරාදා(11) ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයට 20යි 20 තරග 5ක් ඇතුළත් අතර, මීට පෙර ශ්‍රී ලංකාව තරග 5කින් යුත් ද්විපාර්ශ්වික 20යි 20 තරගාවලියක් සදහා ක්‍රීඩා කර තිබුණේ නැහැ.

පන්දුවාර 20යි 20 ලෝක ශූරතාවය ජයග්‍රහනය කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම ද 20යි 20 තරගාවලියක් සදහා එක්වන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.

පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.40ට සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී මේ දක්වා 20යි 20 තරග 9ක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 5ක් ශ්‍රී ලංකාව ද, තරග 4ක් ඔස්ට්‍රේලියාව ද ජය ගැනීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව පරාජයට පත් වූ තරග හතරම අවසන් වරට එරට දී ක්‍රීඩා කළ 20යි 20 තරග 4 වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම එරට නායක ආරෝන් ෆින්ච් විසින් මේ වන විටත් ප්‍රකාශයට පත් කර අවසන්.

ඒ අනුව ජොෂ් ඉන්ග්ලිස් මෙම තරගයේ දී ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා ගැනීමට නියමිත අතර, ඔහු අංක 3 පිතිකරු ලෙස පන්දුවට පහර දීමට නියමිතයි.

මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ වැඩිම ලකුණුලාභීයා වූ බෙන් මැක්ඩර්මොට් ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20යි 20 තරගයේ දී ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කරනු ඇති.

Australia XI :

  • Ben McDermott, Aaron Finch (c), Josh Inglis, Steve Smith, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade (wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood

කුසල් මෙන්ඩිස්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බැවින් ඔහුට අවම වශයෙන් පළමු 20යි 20 තරග දෙක ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

20යි 20 ලෝක කුසලානයේ දී ක්‍රීඩා කළ පරිදි ආරම්භක පිතිකරුවෙකු ලෙස පැතුම් නිස්සංක ක්‍රීඩා කිරීමට නියමිත බවයි කණ්ඩායමේ නායක දසුන් ශානක සදහන් කළේ.

චරිත් අසලංක ද සුපුරුදු පරිදි අංක 3 ස්ථානයේ පන්දුවට පහර දීමට ඉඩ පවතිනවා.

ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරුවෙකු ලෙස යළි කණ්ඩායමට පැමිණීමට ඉඩ ඇති අතර, එසේ වුවහොත් නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස සාර්ථකව ලකුණු අතරට පිවිසි අවිශ්ක ප්‍රනාන්දුට යළි ජාතික කණ්ඩායමේ හිමිවන්නේ අංක 4 ස්ථානයදැයි ප්‍රශ්නාර්ථයක්.

Sri Lank XI :

  • Pathum Nissanka, Danushka Gunathilaka, Charith Asalanka, Avishka Fernando, Dinesh Chandimal (wk), Dasun Shanaka (c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Binura Fernando, Maheesh Theekshana

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම්වලට ද පසුගිය දිනවලදී වර්ෂාවෙන් බාධා එල්ල වී තිබුණා.

පළමු 20යි 20 තරගයට ද වර්ෂාව සහිත අයහපත් කාළගුණයෙන් බලපෑම් එල්ල වීමට වැඩි ඉඩකඩක් ඇති බවටයි කාළගුණ වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර, මෙම 20යි 20 තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය සියත TV නාලිකාවට හිමිව තිබෙනවා.

Sony Ten Cricket නාලිකාව ඔස්සේ ද තරගාවලිය සජීවීව විකාශය කිරීමට නියමිතයි.

Leave a comment
logo