ශ්‍රී ලංකාව ලකුණු 256 ක් ඉදිරියෙන් : Tea Report

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (26).
තේ පානය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 109ක් ලබා සිටියා.
දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 16 ක් හා පිට කොන්දේ ආබාධය හේතුවෙන් අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 4 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ඉනිම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 15 කටත්, ඕෂද ප්‍රනාන්දු ලකුණු 19 කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 15 කටත් දැවී ගියා. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 35 යි.
පන්දු යැවීමේ දී නසීම් ශාහ්, යසීර් ශාහ්, මොහමඩ් නවාස් හා අගා සල්මාන් කඩුල්ල බැගින් බිද හෙලුවා.
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 7 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 231 ක්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 378 ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු 256 ක් ඉදිරියෙන් පසුවනවා.
— cric fun (@cric12222) July 26, 2022