Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව දෙවැනි එක්දින තරගය පරදියි

Match Report

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 78 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම අද(7) සමත් වුණා.

නෙල්සන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 245 ක් රැස් කළා.

ඉනිමේ 4 වැනි කඩුල්ල ලකුණු 59දීත්, 5 වැනි කඩුල්ල ලකුණු 110 දිත් බිද වැටුණු පසුබිමක Maddy Green ලකුණු 100 ක් රැස් කරමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේදී චමරි අතපත්තු ලකුණු 42 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 46.4 කට සීමා කරමින් සියලු දෙනා ලකුණු 167 කට දැවී ගියා.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 59 යි. පන්දු යැවීමේදී Hannah Rowe ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත්තා.