Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු තරග සංචාරය අරඹයි

ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(3) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 ඉතිහාසයේ ක්‍රීඩා කරන දීර්ඝතම ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.

මීට පෙර ශ්‍රී ලංකාව තරග 5කින් යුත් කිසිදු 20යි 20 ද්විපාර්ශ්වික තරගාවලියක් සදහා ක්‍රීඩා කර තිබුණේ නැහැ.

තරගාවලිය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වූ අතර, මෙම තරගාවලියේ දී ද වැඩබලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා කටයුතු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, කොවිඩ් 19 ආසාදනය වී ඇති බැවින් රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාව බලා පිටත්ව නොගිය අතර, ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 තරගාවලියේ පළමු තරගය ලබන 11 වනදා ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට මෙන්ම, කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වන (trainer) දිල්ෂාන් ෆොන්සේකාට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවත්, ඒ අනුව ඔවුන් ලබන 10 වැනිදා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි ඊයේ දිනයේ දී වාර්තා වුණේ.

තරග කාලසටහන –

  • 1st T20I : Feb 11: Aus v SL, SCG
  • 2nd T20I : Feb 13: Aus v SL, SCG
  • 3rd T20I :Feb 15: Aus v SL, Manuka Oval
  • 4th T20I : Feb 18: Aus v SL, MCG
  • 5th T20I : Feb 20: Aus v SL, MCG

Leave a comment