Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව අද තරග බිමට – පුහුණු තරග දෙකක් සජීවීව ?

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය අද(28) පැවැත්වෙනවා.

පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම තරග දෙක පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට හා අයර්ලන්තයට එරෙහිවයි.

නෙදර්ලන්තයට එරෙහි තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී අටට ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි Broward ප්‍රාන්ත ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. අයර්ලන්තයට එරෙහි තරගය එළඹෙන 31 වැනිදා ෆ්ලොරිඩා හී දී ම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පුහුණු තරග යටතේ පැවැත්වෙන තරග දෙකක් පමණක් සජීවීව විකාශය කිරීමට Star Sports මාධ්‍ය ආයතනය සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වනවා.

ඒ අනුව ඉන්දියාව හා බංග්ලාදේශය අතර පුහුණු තරගයත්, ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පුහුණු තරගයත් සජීවීව විකාශය කිරීමට ඉඩ පවතින බව සදහන්.

තරගාවලියට ක්‍රීඩා කරන රටවල් 20න් රටවල් 17 ක් පමණක් පුහුණු තරග සදහා ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. ඒ අනුව නවසීලන්තය, එංගලන්තය හා පාකිස්තානය පුහුණු තරග සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

එංගලන්තය හා පාකිස්තානය මේ දිනවලදී විස්සයි 20 තරග 4 කින් යුත් තරගාවලියක් ක්‍රීඩා කරන බැවින් ඔවුන් මෙලෙස පුහුණු තරග ක්‍රීඩා නොකරන අතර, නවසීලන්ත සංචිතයේ ක්‍රීඩකයින් ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා කොටස් 3ක් වශයෙන් පැමිණෙන බැවින් ඔවුන්ට පුහුණු තරග ක්‍රීඩා කිරීම සදහා සියලු ක්‍රීඩකයින් එක් රැස් කර ගැනීමට අපහසු වී තිබෙනවා.

පුහුණු තරග යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන එකම පුහුණු තරගය ජූනි පළමු වැනිදා බංග්ලාදේශයට එරෙහිව ඇමෙරිකාවේ නිව් යෝර්ක් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පුහුණු තරග යටතේ දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන තරගය සංචිත අභ්‍යන්තර පුහුණු තරගයක් ලෙසයි පැවැත්වෙන්නේ.

මේ අතර, මේ දක්වා පුහුණු තරග 3ක් පවත්වා ඇති අතර, එහිදී කැනඩාව හමුවේ නේපාලයත් (ලකුණු 63 කින්), ඕමානය හමුවේ පැපුවා නිව් ගිනියාවත් (කඩුලු 3කින්), නැමීබියාව හමුවේ උගන්ඩාවත් (කඩුලු 5කින්) පරාජයට පත් වුණා.

ඉදිරි පුහුණු තරග කාලසටහන –

  • Tuesday 28 May
    Sri Lanka v Netherlands, Broward County Stadium, Broward County, Florida 10h30
    Bangladesh v USA, Grand Prairie Cricket Stadium, Grand Prairie, Texas 10h30
    Australia v Namibia, Queen’s Park Oval, Trinidad and Tobago 19h00
  • Wednesday 29 May
    South Africa intra-squad, Broward County Stadium, Broward County, Florida 10h30
    Afghanistan v Oman, Queen’s Park Oval, Trinidad and Tobago 13h00
  • Thursday 30 May
    Nepal v USA, Grand Prairie Cricket Stadium, Grand Prairie, Texas 10h30
    Scotland v Uganda, Brian Lara Cricket Academy, Trinidad and Tobago 10h30
    Netherlands v Canada, Grand Prairie Cricket Stadium, Grand Prairie, Texas 15h00
    Namibia v Papua New Guinea, Brian Lara Cricket Academy, Trinidad and Tobago 15h00
    West Indies v Australia, Queen’s Park Oval, Trinidad and Tobago 19h00
  • Friday 31 May
    Ireland v Sri Lanka, Broward County Stadium, Broward County, Florida 10h30
    Scotland v Afghanistan, Queen’s Park Oval, Trinidad and Tobago 10h30
  • Saturday 1 June
    Bangladesh v India, New York, USA 10h30