Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව අද තරග බිමට ; නැරඹිය හැකි සියලු ක්‍රම මෙන්න

2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ තවත් තරග දෙකක් අද(19) පැවැත්වෙනවා.

සිම්බාබ්වේහී දී පැවැත්වෙන තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවයි. තරගය බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී පස්වරු 12.30 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සිව්වැනි තරගය අයර්ලන්තය හා ඕමානය අතර බුලවායෝ නුවර Bulawayo Athletic Club ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 12.30ටයි.

මෙම තරග දෙකම B කාණ්ඩයේ තරග දෙකක් ලෙස පැවැත්වෙනවා.

සිරස TV හා TV1 නාලිකා ඔස්සේ තරගාවලියේ සජීවී විකාශන කටයුතු මෙරට තුළ සිදු වන අතර, sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ද තරග සජීවීව නැරඹිය හැකියි.

Dialog TV පාරිභෝගිකයින්ට Star Sports 1 නාලිකාව ඔස්සේ ද, PEO TV පාරිභෝගිකයින්ට Event TV නාලිකාව ඔස්සේ ද තරග නැරඹීමේ අවස්ථාව පවතිනවා.

තවද Dialog ViU යෙදුම (App) හා PEOTV GO යෙදුම ඔස්සේ ද තරග නැරඹිය හැකියි.

ඔබ විදෙස් රටක සිට තරග නරඹන්නේ නම් පහත ක්‍රමවේද ඔස්සේ තරග නැරඹීමේ හැකියාව පවතිනවා.