ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පාකිස්තාන-ඇෆ්ඝනිස්තාන තරගාවලියේ කාලසටහන නිවේදනය කෙරේ

පාකිස්තානයට එරෙහිව ඇෆ්ඝනිස්තානයේ සත්කාරක අයිතිය යටතේ පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය අද(31) රාත්‍රියේ නිවේදනය කළා.
ඒ අනුව තරගාවලිය අගෝස්තු 22 වැනිදා සිට මෙරට දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
දෙවැනි එක්දින තරගය අගෝස්තු 24 වැනිදා ද, තෙවැනි එක්දින තරගය 26 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.
පළමු එක්දින තරග දෙක හම්බන්තොට දී පැවැත්වෙන බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
තෙවැනි හා අවසන් එක්දින තරගය කොළඹ දී පැවැත්වීමට නියමිතයි.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙම එක්දින තරගාවලිය අවසන් වී දින 4කින්, එනම් අගෝස්තු 30 වැනිදා සිට පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.