Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට ලකුණු 292 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 291ක්.

ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 14කට සීමා කරමින් ඩේවිඩ් වෝනර් ලකුණු 9කට දැවී ගියා.

මිචෙල් මාෂ් ලකුණු 10යි. ආරෝන් ෆින්ච් ලකුණු 62ක් රැස් කළේ පන්දු 85කින්. මර්නස් ලබුෂේන් ලකුණු 29යි.

ඇලෙක්ස් කෙරී හා ට්‍රැවිස් හෙඩ් අතරේ 5 වැනි කඩුල්ල සදහා ලකුණු 72 ක සබදතාවයක් ගොඩ නැගුණා.

කෙරී ලකුණු 49කට දැවී ගිය අතර. හෙඩ් නොදැවී ලකුණු 70(65)ක් ලබා ගත්තා. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 33(18)යි.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 49කට කඩුලු 3 ක් දවා ගත්තා.