Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට ලකුණු 176ක ඉලක්කයක්

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගය අද(3) රාත්‍රී 7.30ට සාජා හී දී ආරම්භ වුණා. ඒ, ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තාන අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 175 ක් ලබා ගනිමින්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 45 කින් ලකුණු 84 ක් රැස් කිරීමට සමත් වුණා. හයේ පහර 6 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 40 (38) යි.

පන්දු යැවීමේ දී දිල්ෂාන් මධුෂංක ලකුණු 37 කට කඩුලු 2 ක් දවා ගත්තා. (ඔහු විසින් හස්රටුල්ලාහ් සසායිගේ කඩුල්ල දවා ගත් අයුරු පහතින් නරඹන්න)