Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්

Match Report

ADVERTISEMENT

එංගලන්තය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක පරාජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඊයේ(9) රාත්‍රියේ සිදු වුණා.

චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 30.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35 ක් රැස් කළ අතර, චමරි අතපත්තු හා හසිනි පෙරේරා ලකුණු 10 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Mahika Gaur, Sarah Glenn හා Lauren Filer කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 18 කදී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Tammy Beaumont ලකුණු 32 ක්, Emma Lamb ලකුණු 27 ක් හා Heather Knight ලකුණු 22 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ, ඉනෝකා රණවිර හා කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවා ගත්තා.

Leave a comment