Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කෙරේ – හිටපු නායකයාට කැදවීමක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

නජ්මුල් හොසේන් ශන්තෝගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක නහිඩ් රානා සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ටෙස්ට් වරම් දිනා නොමැති මුස්ෆික් හසාන් ද සංචිතයට නම් කර ඇති අතර, හිටපු නායක ලිටොන් දාස් යළි සංචිතය සදහා නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලිටොන් දාස් මීට පෙර පැවැති නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සදහා පෞද්ගලික හේතුවක් මත ක්‍රීඩා කළේ නැහැ.

කඩුලු රකින පිතිකරු නුරුල් හසාන්, වේග පන්දු යවන ක්‍රීඩක හසාන් මහ්මුද් හා වමත් දග පන්දු යවන ක්‍රීඩක හසාන් මුරාද් ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරිමටයි තීරණය කර ඇත්තේ.

තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ටෙස්ට් තරගාවලිය සදහා ද ක්‍රීඩා කරන්නේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 22 වැනිදා සිල්හෙට් හී දී ආරම්භ වීමට නියමිතයි.

Bangladesh squad for first Test against Sri Lanka:

Najmul Hossain Shanto (C), Zakir Hasan, Mahmudul Hasan Joy, Shadman Islam, Litton Kumer Das, Mominul Haque Showrab, Mushfiqur Rahim, Shahadat Hossain Dipu, Mehidy Hassan Miraz, Nayeem Hasan, Taijul Islam, Shoriful Islam, Syed Khaled Ahmed, Mushfik Hasan, Nahid Rana