ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ T20 හා එක්දින සංචිත නිවේදනය කෙරේ – ශකිබ් නැහැ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා හා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන බංග්ලාදේශ සංචිත එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නජ්මුල් හොසේන් ශන්තෝ තරග රටා ත්‍රිත්වයේම බංග්ලාදේශ නිත්‍ය නායකයා ලෙස පත් කිරීමෙන් පසුව බංග්ලාදේශය මුහුණ දෙන පළමු අභියෝගය ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම තරග සංචාරයයි.
සංචිත දෙක සදහාම ක්‍රීඩකයින් 15 දෙනෙකු බැගින් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත්, අක්ෂි රෝගී තත්ත්වයකින් සුවය ලබමින් සිටින සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් සංචිත දෙක සදහාම නම් කර නැහැ.
ඊයේ නිවේදනය කෙරුණු 2024 වසරට අදාළ මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වූ ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් නොවූ ටමිම් ඉක්බාල් ද ශ්‍රී ලංකාවට එරෙහි සංචිත සදහා ඇතුළත් නොකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර, තුන් ඉරියව් ක්‍රීඩක මහ්මුදුල්ලාහ් 2022 වසරෙන් පසුව පළමු වරට 20යි 20 ජාතික සංචිතයට කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.
මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Aliss Al Islam ද 20යි 20 සංචිතයට ඇතුළත්.
මෙහිදි හසාන් මිරාස්, අෆිෆ් හොසේන්, ශමිම් හොසේන්, තන්වීර් ඉස්ලාම්, හසාන් මහ්මුද් හා රෝනි තලුක්දාර් 20යි 20 සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
සියලු තරග රටාවලින් සමන්විත මෙම තරග සංචාරය සදහා 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.
සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු පළමු වැනිදා බංග්ලාදේශය වෙත පිටත්ව යාමට නියමිත අතර, 20යි 20 තරගාවලියේ සියලු තරග සිල්හෙට් හී දී පැවැත්වීමට නියමිතයි. එක්දින තරග තුන Chattogram හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
20යි 20 තරගාවලිය මාර්තු 4 වැනිදා ආරම්භ වන බවත්, එක්දින තරගාවලිය මාර්තු 13 වැනිදා ආරම්භ වන බවත් එරට ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළා.
පළමු ටෙස්ට් තරගය මාර්තු 22 වැනිදා ආරම්භ වන්නේ සිල්හෙට් හී දී යි. මාර්තු 30 වැනිදා Chattogram හී දී දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වනවා. මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත්.
T20I SQUAD
Najmul Hossain Shanto (Captain), Litton Kumer Das, Anamul Haque Bijoy, Md Naim Sheikh, Tawhid Hridoy, Soumya Sarkar, Shak Mahedi Hasan, Mahmud Ullah, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Mustafizur Rahman, Shoriful Islam, Tanzim Hasan Sakib, Aliss Al Islam
ODI SQUAD (for 1st & 2nd ODIs)
Najmul Hossain Shanto (Captain), Anamul Haque Bijoy, Soumya Sarkar, Tanzid Hasan Tamim, Litton Kumer Das, Mushfiqur Rahim, Tawhid Hridoy, Mahmud Ullah, Mehidy Hassan Miraz, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Shoriful Islam, Tanzim Hasan Sakib, Mustafizur Rahman
තරග කාලසටහන –
- 04 March 24 – 1st T20i (starts at 6pm local time) – SICS, Sylhet
- 06 March 24 – 2nd T20i (starts at 6pm) – SICS, Sylhet
- 09 March 24 – 3rd T20i (starts at 3pm) – SICS, Sylhet
- 13 March 24 – 1st ODI (starts at 2:30pm) – ZACS, Chattogram
- 15 March 24 – 2nd ODI (starts at 2:30pm) – ZACS, Chattogram
- 18 March 24 – 3rd ODI (starts at 10am) – ZACS, Chattogram
- 22-26 March 24 – 1st Test (starts at10am) – SICS, Sylhet
- 30 March – 03 April 24 – 2nd Test (starts at10am) – ZACS, Chattogram