ශ්‍රී ලංකාවට එරෙහි පළමු T 20 තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නිවේදනය කෙරේ
ශ්‍රී ලංකාව සමග හෙට(11) පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම එරට නායක ආරෝන් ෆින්ච් විසින් අද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව ජොෂ් ඉන්ග්ලිස් හෙට දිනයේ දී ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා ගැනීමට නියමිත බවයි ඔහු සදහන් කළේ.
ඉන්ග්ලිස් අංක 3 පිතිකරු ලෙස පන්දුවට පහර දීමට නියමිතයි.
ඒ, පසුගිය 20යි 20 තරගවලදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළ මිචෙල් මාෂ් මෙම තරගාවලිය සදහා ඇතුළත්ව නොමැති බැවින්.
ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ද සංචිතයට නම් කර නොමැති බැවින් මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ වැඩිම ලකුණුලාභීයා වූ බෙන් මැක්ඩර්මොට් ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20යි 20 තරගයේ දී ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කරනු ඇති.
පසුගිය වසරේ දී 20යි 20 ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා සැසදීමේ දී කණ්ඩායමේ සිදුව ඇති වෙනස්කම් වන්නේ මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ ආදේශ කිරීම් පමණයි.
ඩේවිඩ් වෝනර් හා මිචෙල් මාෂ් මෙම තරගාවලියෙන් විවේක ගැන්වීමට තීරණය කළ අතර, ට්‍රැවිස් හෙඩ් ද එරට පළමු පෙල තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින බැවින් පළමු 20යි 20 තරග 3 සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.
ඇෂ්ටන් ඒගාර්ට කණ්ඩායමේ ස්ථානය තවදුරටත් අහිමි වී ඇතත්, තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ අවසන් තරගවලදී ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඇතැම් විට හිමි වනු ඇති බවයි නායක ආරෝන් ෆින්ච් කියා සිටියේ.
කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස මැතිව් වේඩ් කටයුතු කිරීමට නියමිත බව ද ඔහු අවධාරණය කළා.
Australia XI:
Ben McDermott, Aaron Finch (c), Josh Inglis, Steve Smith, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade (wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood