ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත T20 සංචිතයට වෙනස්කම් රැසක්

ආබාධවලට ලක් වීම හේතුවෙන් නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩිකා Isabella Gaze (hip flexor), වේග පන්දු යවන ක්‍රීඩිකා Hayley Jensen (hip flexor), හා පිතිකාරිණි Bella James (quadricep) හට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඔවුන් වෙනුවට කඩුලු රකින ක්‍රීඩිකාවක වන Polly Inglis, වමත් වේග පන්දු යවන ක්‍රීඩිකා Bree Illing හා තුන් ඉරියව් ක්‍රීඩිකා Flora Devonshire සංචිතයට ආදේශ කිරීමටයි තීරණය කර ඇත්තේ.
Devonshire මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති අතර, ආදේශ කෙරුණු අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනා පසුගිය සතියේදී ශ්‍රී ලංකාව සමග පැවැති එක්දින තරගාවලියේදීයි ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ.
විස්සයි 20 තරගාවලිය මාර්තු 14 (Christchurch), 16 (Christchurch) හා 18 (Dunedin) යන දිනවලදී ද පැවැත්වීමට නියමිතයි.