ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට තවත් ක්‍රීඩකයෙකු කැදවයි
ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට තවත් ක්‍රීඩකයෙකු ඇතුළත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය අද(7) පියවර ගත්තා.
ඒ අනුව 29 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියල් සෑම්ස් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් 20යි 20 තරග 4ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලකුණු 54ක් රැස් කිරීමටත්, කඩුලු 4ක් දවා ගැනීමටත් ඩැනියල් සෑම්ස් සමත් වුණා.
තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය පසුගිය 25 වනදා එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළ අතර, ආරෝන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව තිබුණා.
ඊට නම් කර සිටි ට්‍රැවිස් හෙඩ් එරට පළමු පෙල තරගාවලියේ තරගයක් ක්‍රීඩා කිරීම සදහා ඔස්ට්‍රේලියානු සංචිතයෙන් නිදහස් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බැවින්, ඔහුට ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලියේ ආරම්භක තරග කිහිපය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.
ඒ හේතුවෙනුයි ඩැනියල් සෑම්ස් සංචිතයට නම් කිරීමට පියවර ගෙන ඇත්තේ.
ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලියේ දී ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.
ඩේවිඩ් වෝනර් හා මිචෙල් මාෂ් මෙම තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට නම් කර නැහැ.
ආබාධයක් හේතුවෙන් අලුබදුන තරගාවලියේ තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් ඔස්ට්‍ර්ලියානු 20යි 20 සංචිතයට නම් කර ඇති අතර, මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන බෙන් මැක්ඩර්මොට් ද සංචිතයට ඇතුළත්.
ජයි රිචර්ඩ්සන්, ට්‍රැවිස් හෙඩ්, මොයිසස් හෙන්රික්ස් යන ක්‍රීඩකයින් ද ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට කැදවනු ලැබුවා.
දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය එළඹෙන 11 වනදා ආරම්භ වීමට නියමිතයි.
Australia T20 squad:
Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Josh Hazlewood, Travis Head, Moises Henriques, Josh Inglis, Ben McDermott, Glenn Maxwell, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, Adam Zampa, Daniel Sams