ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය තවත් නවසීලන්ත ක්‍රීඩිකාවකට අහිමි වෙයි

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩිකා Hayley Jensen හට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
Hallyburton Johnstone Shield තරගාවලියේ අවසන් මහා තරගයට පෙර ඇය එම ආබාධයට ලක්ව තිබුණා.
ඇය වෙනුවට වමත් දග පන්දු යවන ක්‍රීඩිකා Fran Jonas සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
Jensen වසර දෙකක පමණ කාලයට පසුවයි ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින් පසුවුණේ.
ඇයට අමතරව මීට පෙර Bella James ද ආබාධයකට ලක්ව ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියෙන් ඉවත් කෙරුණු අතර, ඇය වෙනුවට සංචිතයට ආදේශ කෙරුණේ Lauren Down.
Sophie Devine මෙම තරගාවලියෙන් විවේක ගැනීමට තීරණය කර ඇති අතර, Amelia Kerr ද කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් ශ්‍රී ලංකා තරගාවලියට එක්වන්නේ නැහැ.
ආබාධ හේතුවෙන් Lea Tahuhu, Rosemary Mair හා Molly Penfold හට ද ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වුණා.
නවසීලන්ත කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (මාර්තු 4) Napier හීදී පැවැත්වීමට නියමිත අතර, දෙවැනි තරගය එළඹෙන 7 වැනිදා ද (Nelson) තෙවැනි තරගය එළඹෙන 9 වැනිදා ද (Nelson) පැවැත්වීමට නියමිතයි.
විස්සයි 20 තරගාවලිය මාර්තු 14(Christchurch), 16 (Christchurch) හා 18 (Dunedin) යන දිනවලදී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.