Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත එක්දින හා 20යි 20 සංචිත නම් කෙරේ

ADVERTISEMENT

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින හා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි සදහා වන එංගලන්ත කාන්තා සංචිත අද(18) නිවේදනය කෙරුණා.

සංචිත සදහා මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩිකා Mahika Gaur හා කඩුලු රකින පිතිකාරිණී Bess Heath ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Mahika Gaur මෙම වසරේ පැවැති ICC වයස අවුරුදු 19 න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම නියෝජනය කළ අතර, මේ වන විට ඇය බ්‍රිතාන්‍යයේ දේශීය තරග සදහා ක්‍රීඩා කරනවා.

Heather Knight ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත 20යි 20 හා එක්දින සංචිත සදහා ක්‍රීඩිකාවන් 15 දෙනා බැගින් ඇතුළත්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3 ක් හා එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.

අගෝස්තු 31 වැනිදා 20යි 20 තරගාවලිය Hove හී දී ආරම්භ වීමට නියමිත අතර, ඊට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අගෝස්තු 28 වැනිදා Arundel හී දී පුහුණු 20යි 20 තරගයකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතට අයත් (ICC Women’s Championship) එක්දින තරගාවලිය ආරම්භ වන්නේ සැප්තැම්බර් 9 වැනිදායි.

T20I squad:

Heather Knight (c), Lauren Bell, Maia Bouchier, Alice Capsey, Kate Cross, Charlie Dean, Lauren Filer, Mahika Gaur, Danielle Gibson, Sarah Glenn, Bess Heath, Amy Jones, Freya Kemp, Issy Wong, Danielle Wyatt

ODI squad:

Heather Knight (c), Tammy Beaumont, Lauren Bell, Maia Bouchier, Alice Capsey, Kate Cross, Charlie Dean, Lauren Filer, Mahika Gaur, Danielle Gibson, Sarah Glenn, Bess Heath, Amy Jones, Emma Lamb, Nat Sciver-Brunt

Leave a comment