Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිත ප්‍රකාශයට පත් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 හා ටෙස්ට් ක්‍රිකට් තරගාවලි සදහා වන ඉන්දීය සංචිත අද නිවේදනය කෙරුණා.

චෙටස්වර් පුජාරා හා අජින්කෙයා රහානේ ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස රෝහිට් ෂර්මා පත් කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගාවලියෙන් විවේක ගැන්වූ ජස්ප්‍රිට් බුම්රා යළි ඉන්දීය සංචිතයට කැදවා ඇති අතර, කණ්ඩායමේ උප නායකයා ලෙස ද ඔහු පත් කර තිබෙනවා.

ඉෂාන්ට් ෂර්මා හා ව්රිධිමන් සහා ද ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමටයි තේරීම් කමිටුව කටයුතු කර ඇත්තේ.

ආබාධයකට ලක්ව සිටි රවීන්ද්‍ර ජඩේජා යළි ටෙස්ට් හා 20යි 20 සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

විරාට් කෝලි හා රිෂාබ් පාන්ට් එළඹෙන 24 වනදා ආරම්භ වන 20යි 20 තරගාවලියෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

T20I squad :

Rohit Sharma (C),Ruturaj Gaikwad, Shreyas Iyer, Surya Kumar Yadav, Sanju Samson, Ishan Kishan (wk), Venkatesh Iyer, Deepak Chahar, Deepak Hooda, R Jadeja, Y Chahal, R Bishnoi,Kuldeep Yadav, Mohd. Siraj, Bhuvneshwar Kumar, Harshal Patel, Jasprit Bumrah(VC),Avesh Khan

Test squad:

Rohit Sharma (c), Mayank Agarwal, Priyank Panchal, Virat Kohli, Shreyas Iyer, Hanuma Vihari, Shubman Gill, Rishabh Pant, KS Bharat, Ravichandran Ashwin (subject to fitness) , Ravindra Jadeja, Jayant Yadav, Kuldeep Yadav, Jasprit Bumrah (vc), Mohammed Shami, Mohammed Siraj, Umesh Yadav, Saurabh Kumar

 

Leave a comment